ලංකාවේ ඇමරිකන් කඳවුරු නෑ! ඩග්ලස් දේවානන්ද බොරු කියනවා!

January 27, 2019 at 1:48 am | by admin

“බලය ලබාගැනීමට නොහැකි වූ විවිධ පාර්ශ්ව බොරු ප‍්‍රචාර පතුරුවා හරිමින් සිටින බවත් ඇමෙරිකාව ශ‍්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ඉදිකරන්නේය” යන කතාව ද එවැනි බොරුවක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලය පැහැර ගැනීමට තැත් කළ මෙම කොටස්වලට දැන් කටඋත්තර නැති බැවින් ඔවුන් මෙබඳු බොරු පතුරුවා හරින බවත් ඇමෙරිකන් හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ පිහිටවීම සඳහා ශ‍්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ගිවිසුමක් ඇති බවට කියන බවත් අගමැතිවරයා තවදුරටත් කීවේය.

නැගෙනහිර පළාතේ තිරිකුණාමලයේදී ඇමෙරිකන් හමුදා කඳවුරක් ඉදිකරන්නට යන්නේ යැයි කියමින් ඊපීඞීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා විසින් කළ කතාවක් නිසා මෙම ප‍්‍රශ්නය හටගත් බව ද අගමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *