කංජිපානි ඉම්රාන්ගේ පොලිස් ගජයන් සොයා විමර්ශන ඇරඹෙයි!

August 15, 2019 at 3:04 pm | by emanisa.lk

ප‍්‍රබල හෙරොයින් ජාවාරම්කරුවකු වන පාතාල නායක කංජිපානි ඉම්රාන් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකු සමීප සබඳතා පවත්වන බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් අදාළ විමර්ශනය සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ස`දහන් කරයි.

කංජිපානි ඉම්රාන් සමග කිසියම් පොලිස් නිලධාරියකු සමීප සබඳතා පවත්වා ඇති බවට මෙහිදී අනාවරණය වුවහොත් එම නිලධාරියාට හෝ නිලධාරීන්ට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.

මාගල්කන්දේ සුදත්ත හිමියෝ පෙරේදා (13 වැනිදා) පොලිස් මූලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

ඉකුත් සතියේ මාධ්‍ය හමුවක් පැවත්වූ එහිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු කංජිපානි ඉම්රාන් සමග සමීපව කතාබහක නිරතව සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස