පතාළ කෙරුමා මාකඳුරේ මදූෂ් ඩුබයිහි දී අල්ලයි! පිරිස අතර අමල් පෙරේරා සහ පුතා! ජනපති නියෝගය මෙන්න!

February 5, 2019 at 7:49 am | by admin

කුප්‍රකට පාතාළ නායකයකු වන මාකඳුරේ මදූෂ්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු 20 දෙනෙකු ඩුබයිහි දී අත්අඩංගුවට පත්ව අැත. මේ පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ද ඇතැයි පැවසෙයි.

මාකඳුරේ මදූෂ්ට මිනි මැරුම්, මත් ද්‍රව්‍ය ජාවාරම් ගණනාවක් පිළිබඳ චෝදනා ඇත. රටේ ඉහළම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් ද ඔහුට ඇත. කළුතර දී ඉතාම බිහිසුණු ලෙස සමයං නමැති පාතාළ නායකයා ඝාතනය කිරීමට සැලසුම් කළේ ද විදේශයක සැඟව සිටි මාදූෂ් බව පැවසෙයි.

මේ අතර මාකඳුරේ මදූෂ් වහාම ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට නියෝග කොට ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *