ලංකාවට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් මාලදිවයිනට පළා යාමට උත්සාහ කරද්දී අත්අඩංගුවට!

March 28, 2019 at 8:36 am | by admin

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන් තොටුපලේදී අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත්විය.

උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ් 547 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ කටුනායක ගුවන් තොටුපලේ සංක‍්‍රමණික මගී පර්යන්තයේ මාලදිවයින බලා යාමට රැඳී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමග පිටුවහල් කළ තවත් 03 දෙනෙකු ද හඳුනාගෙන ඇති අතර මේ වන විට ඔවුන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *