ලංකාවෙි කොරෝනා රෝගීන් ගණන 7යි! අලුත් දෙදෙනාත් ආවෙි ඉතාලියෙන්!

March 14, 2020 at 4:09 pm | by emanisa.lk

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඇය මේ බව බව පැවසීය.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ අලුතින් වාර්තා වු රෝගීන් දෙදෙනා ද ඉතාලි සිට මෙරටට පැමිණි අයවලුන් වන බවය.

මේ අතර මුලින් තහවුරු කර ගත් මාර්ගෝපදේශකයින් දෙදෙනාට අමතරව ඊයේ දිනයේදි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් තිදෙනෙකුද වාර්තා විය.

මෑතකදි ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ඒ අතර වන අතර ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන්නේ ඉතාලියේ සිට පසුගිය 11දා මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයේ රඳවා සිටි අයයි.

37 හා 43 යන වයස්වල පසුවු ඔවුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහා රෝහලේ හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස