ජයඝෝෂා නඟමින් සිසු පිරිස මත්තලට! ජීවිත පරදුවට තබා වුහාන් ගිය ශ්‍රීලංකන් වීරයෝ මෙන්න!

February 1, 2020 at 11:53 am | by emanisa.lk

අද (01) උදෑසන චීනයේ වුහාන්හි සිරව සිටි සිසු පිරිස රැගත් ශ්‍රීලංකන් ගුවන් යානය මත්තලට පැමිණියේය.

ඒ අවස්ථාවේ සිසු පිරිස අත්පොළසන් නඟමින් ජයඝෝෂා නැඟූ අතර ඇතැමුන් සතුටු කඳුළු වගුරමින් දුරකතනයෙන් දෙමාපියන් ඇමතූහ.

අවස්ථාව ලද වහාම සිය දරුවන් මෙරටට ගෙන ඒමට කටයුතු කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ස්තුති කරන බවත් සිය දරුවන් ඕනෑම කාලයක් මෙරට රඳවා තබා ගැනීම කිසිම ගැටළුවක් නොවන බවත් දෙමාපියෝ පැවසූහ.

සිය ජීවිත පරදුවට තබා වුහාන් බලා ගිය ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය සමාජ මාධ්‍යවල බෙහෙවින් ඇගයුමට ලක්වන අතර  රටක් සතුව ජාතික ගුවන් සමාගමක් තිබීමේ වැදගත්කම ද මෙම සිදුවීමෙන් තහවුරු වන බවට එහි අදහස් පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස