ලංකාවේ ළාබාලතම කොරෝනා රෝගියා හමුවෙයි! වයස මාස 17යි! මුළු රෝගීන් ගණන 50යි!

March 18, 2020 at 7:15 pm | by emanisa.lk

මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බව වෛද්‍යවරු පවසති.

පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටී. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත.

මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන අද (18) රාති‍්‍රයේ 50 ක් දක්වා ඉහළ ගියේය..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස