එජාපය විනාශ කළා කිව්වාම අත්පුඩි ගහන්න එපා බං! – ඇමති සුජීව පාක්ෂිකයන්ට කියයි…. (video)

November 7, 2019 at 11:18 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සහමුලින්ම විනාශ කළේ යැයි කී විට අත්පුඩි නොගසන ලෙස ඇමති සුජීව සේනසිංහ එජාප ජනරැලියක දී පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් කාලකන්නි ත්‍රස්තවාදියා විසින් එජාපය සහමුලින්ම විනාශ කළේ යැයි පැවසූ විට එජාප පාක්ෂිකයන් ජයඝෝෂා නඟමින් අත්පොළසන් දුන් නිසාවෙනි.

රණසිංහ ප්‍රේමදාස කොහේ හෝ සිට බලා සිටින්නේ නම් අද තම පක්ෂය පිළිබඳ සතුටු වනු ඇතැසි ද ඇමතිවරයා සඳහන් කළ අතර රණසිංහ ප්‍රේමදාස ඝාතනය කළේ ද කොටි සංවිධානය විසින් බව විචාකයෝ පෙන්වා දෙති.

කෙසේ වුවද එජාපය නියෝජනය කරන ඇමතිනි විජයකලා මහේෂ්වරන් කියා සිටියේ ප්‍රභාකරන් තමා දන්නා නිර්භීතම පුද්ගලයා මෙන්ම තම නායකයා බවය. ප්‍රභාකරන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස එවක කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය සහාය දක්වන්නේ ද එජාපයටය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස