එජාපයට ගම් මට්ටම බිම් මට්ටම තේරුම් ගන්න පුළුවන් නායකයෙක් ඕන! – මරික්කාර්

December 13, 2019 at 8:53 am | by emanisa.lk

එක එක නායකයන්ට, චරිතවලට ගැති නොවී, වහල් නොවී, පාක්ෂිකයන්ගේ හැඟීම් දැනීම් එක්ක කටයුතු කිරීමට හැකිවන කෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තෝරාපත් කර ගැනීමට වගබලාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අත්දැකීම් බහුල පරිණත නායකයකු පත්විය යුතු බවට පෙරේදා (11) පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ පැවැසීය.

‘දේශපාලනඥයන්ට ජනතාවගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමට හැකියාවක් තියෙන්න ඕන. ඒ නිසා එජාපය යළි නඟා සිටුවා ගම් මට්ටමට, බිම් මට්ටමට ගෙනියන්න නම් ජනතාව තේරුම් අරගෙන ජනතාව ඉල්ලන දේ කරන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස