ඉදිරි මාස හතර සඳහා අතුරු අයවැයක්…! රට ගොඩගන්න අයවැය යෝජනාවලිය මෙන්න…!

August 30, 2022 at 3:01 pm | by emanisa.lk

ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සාරංශය මෙසේය.

ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් වෙන්නේ කෙටි කාලීන හා දීර්ඝ ‍වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. IMF සාකච්ඡා සාර්ක ලෙස අවසන් අදියරයට එළැඹ තිබෙනවා. වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි.

විදෙස් ආයෝජන සම්බන්ධයෙන් අප මෙතෙක් අනුගනය කළ ප්‍රතිපත්ති යහපත් නැහැ. 2025 වසර වන විට රාජ්‍ය ආදායම 15%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ යුතුයි. 2023 අය වැයෙන් කතිකා ආර්ථික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. මූල්‍ය අරමුදලේ සාකච්ඡා නිම වූ පසු ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කර තිබෙනවා. පොලී අනුපාතය ද මේ අනුව මධ්‍යස්ථ අගයකට ළඟාකර ගැනීම අරමුණයි. විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනයද අඩු ගනු ඇතැයි අපේක්ෂා කරනවා

සැප්තැම්බර් දෙවැනි දා සිට එකතු කළ අගය මත බදු සියයට 12% සිට 15% දක්වා වැඩි කරනවා. හඳුන්වා දුන් නව අදායම් යෝජනා ඔක්තෝම්බර් 1 දා සිට ක්‍රියාත්මක කරනවා. එමගින් මුදල් අච්චු ගැසීම ද ක්‍රමයෙන් අඩුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ආදායම් වැඩි කර වැඩිකර ගැනීම සඳහා වන නව යෝජනා 2023 අයවැය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරනවා. බදු ගෙවීම පැහැර පැහැරහැරීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය යුතුව තිබෙනවා. වයස අවුරුදු 18 ට වැඩි සියලුම දෙනා දේශිය ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට යෝජනා කරනවා.

මේ ගොවි ඵලදායිතාව කාර්යක්ෂම කිරීම සඳහා පරිපාලනය ශක්තිමත් කරනවා. බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා. අප රටේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිත කිරීමට දියුණු තාක්ෂණය සහිත බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ සමාගම් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනවා.

අධ්‍යාපනය සෞඛ්‍ය සේවා පොදු ප්‍රවාහනය සෞඛ්‍ය සේවාකරනය සමාජ ආරක්ෂණය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණය වැළැක්වීම සඳහා බලය සහිත අධීක්ෂණ ජනරාල්වරයෙකු පත් කරනවා
එමෙන්ම චංචල හා නිශ්චල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරනවා.

තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවලට ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා. ජන සේවා කාර්යක්ෂම කිරීම සඳහා සඳහාත් ආදායම් කඩිනම් කිරීම සඳහා ඔන්ලයින් සේවා සැපයීමට පළාත් පාලන ආයතන ඉටු කළ යුතුව තිබෙනවා.

කාර්යක්ෂම වියදම් කළමනාකරණය සඳහා රාජ්‍ය සේවකයන් කළමනාකරණය කිරීමට යෝජනා කරනවා. වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය දී තිබෙනවා. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතනවල සේවකයන් අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය කටයුතු සඳහා පොසිල ඉන්ධන දායක කරගෙන ධාවනය කරන කරන වාහන මිලදී ගැනීමෙන් වළකිනවා ශ්‍රී ලංකා ගුවන් සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතන සැලකිය යුතු පාඩු ලබමින් සිටිනවා. මේවා රාජ්‍ය බැංකුවලට විශාල ණය ගෙවිය යුතුව තිබෙනවා.

ඒ නිසා රජය සතු වාණිජ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන්කිරීමට යෝජනා කරනවා. එසේ නොකළහොත් ඒ අනාගතයේදී වඩා බදු බරක් ජනතාවට විඳින්නට සිදු වේවි. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම අඩාල කෙරෙන මුරණ්ඩු තීරණ ගැනීමෙන් වැලකිය යුතු ව තිබෙනවා. මේ සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති සම්පාදනය කරනවා.

භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර‍. ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2500ක අමත දීමනාවක්. ආහාර සුරක්ෂිතතාව අවම පවුල් 60ක් දාහක් සිටිනවා ඉදිරි මාස 4 සඳහා එවැනි පවුලකට මසකට රුපියල් දස දහසක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 46600 ක මුදලක් වෙන් කරනවා.

හිගයකින් තොරව ගෘහස්ථ ගෑස් ලබාදීමට කටයුතු කරනවා. රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන් වෙත. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූවන් ලබාදුන් සහනය ඉදිරි මාස 4ටත්. සමෘද්ධි සහනාධාර ලබන පවුල් මිලියන 1.7 සඳහා මාසික සමෘද්ධි සහනාධාරය පන්දහක් පන්සියයක් 7000 අතර වැඩි කර ලබා දෙනවා.

මහ කන්නය වෙනවිට පොහොර මිල අඩු වේවි යැයි මා බලාපොරොත්තු වෙනවා. රටේ ගෘහස්ථ ගෑස්හිඟය වැළැක්වීමට කටයුතු කළා. ඉදිරියේදීත් ගෘහස්ථ දෑස් අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කරනවා. දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට වැඩපිළිවෙළක්. අපනයන ක්ෂේත්‍රය වර්ධනය සදහා ආකර්ශනීය නව ඇසුරුම් නිෂ්පාදනයට පියවර. මහ කන්නය වන විට පොහොර මිල අඩු වේවි යැයි මා බලාපොරොත්තු වෙනවා.

කුඹුරු හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩුවෙන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ලබා නෑ ගෙවීමට නොහැකි වූ වූ ගොවීන් සිටිනවා. ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම සඳහා ඔවුන්ගේ ගොවි ණය පොලිය හැර කපා හැරීමට කටයුතු කරනවා.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 350ක් 350ක් වෙන් කරනවා.

දේශීය කිරි නිෂ්පාදනය නංවාලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මේ සදහා සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මුනේ මිලියන දෙසීයක් මූලිකව වෙන් කරනවා. ගොවීන් වෙත රෝපණ ද්‍රව්‍ය සහ බීජ සැපයීම සඳහා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය. ඒ ඒ සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා.

රැකියා විරහිත අය සඳහා අක්කර 20 ක බිම් කොටස් බැගින් වෙන්කර වෙන් කර කෘෂිකාර්මික සහ සත්ව පාලන වැඩ කටයුතු සඳහා ලබා දීමට කටයුතු කරන වා. රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කරනවා. ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හඳුන්වා දී එහෙත් ජාතික ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා. එමගින් කෘෂිකාර්මික බෝග වල අලෙවිය හා කල් තැබීම දියුණු කිරීම මගින් අපතේ යාම මගහරවා ගැනීමට හැකියාව ලැබෙනවා.

දේශීය අමුද්‍රව්‍ය යොදා යොදාගෙන සිදුකරන යොදාගෙන සිදුකරන ආහාර අමුදව්‍ය ඇසුරුම්කරණ සඳහා උසස් තාක්ෂණය සහිත මඟ ආනයනය කිරීමේ දී කිරීමේදී තීරුබදුවලින් 50% ක සහනයක් ලබා දෙනවා. මේ වසරේ සැප්තැම්බර් සිට සංචාරකයන් වැඩි ගණනක් ගෙන්වා ගැනීම සඳහා සංචාරක මණ්ඩලය සහ අනෙක් ආයතන සමග එක්ව වැඩසටහන් සකස් කළ යුතුයි. 2023 අවසානය වන විට වසරකට එන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා 25 ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කයක් තබා ගන්නවා. ඉහළ වියදමක් සහිත සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

ලංකාවේ දේශගුණ හා කාලගුණ විපර්යාස නිසා සිදුවන විපත් වැඩිවෙමින් තිබෙනවා. ඒ සඳහා දේශගුණික අරමුදල් ලබාගැනීම සඳහා පරිසර විෂය භාර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනවා. විදේශ සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකාව ද විදේශ සිසුන් මෙත අධ්‍යාපන මහා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරි ගැන්විය යුතුයි. සමාගම් පනත සහ විශ්වවිද්‍යාල පනත ශාඛා විශ්ව විද්‍යාල ඇති කිරීමට කටයුතු කරනවා. උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජකයන්ගේ සම්පත් ලබා දීමෙන් රජයේ වියදම් ඉතිරි කර ගැනීමට හැකියාව ලබනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පිහිටුවීමට යෝජනා කරනවා.

නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ස්වයං රැකියා සිදු කරනවා. ඔවුන්ට ජීවන වෘත්තීන් සඳහා තාක්ෂණික සහ විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් රැකියා ඵලදායිතාව වර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ප්‍රජාව සවිබල සවිබල ගැන්වීම සඳහා ඒකකයක් පිහිටු වනවා.

උඩරට ප්‍රදේශවල එළවළු පලතුරු හා මල් වගාව වගාවල නියුතු ගොවීන්ට පහසුව සඳහා දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය දිරිගැන්විය යුතුයි. මෙමඟින් දුම්රිය සේවයට අමතර ආදායමක් ලබාගත හැකියි. ආරම්භයක් ලෙස හාලිඇල සිට කොළඹ කොටුවට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් යෙදවිය යුතුයි. මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ගේද සහාය අවශ්‍යයි.

එතෙර ශ්‍රී ලාංකිකයින් සඳහා වන කාර්යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. එතෙර ශ්‍රී ලාංකික අරමුදලක් ද පිහිටුවනවා.

විදුලි පාපැදි කර්මාන්තය දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට බදු සහන ලබාදීමට යෝජනා. ස්වයං රැකියාවට අදාළව විදිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා. දූෂණය සඳහා අපේ අවස්ථා මග හරවීම සඳහා තාක්ෂණය මුසු කර ගැනීමට කටයුතු කරනවා.

2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ ඇතිරියක් ලඟාකර ගැනීම ඉලක්කයයි. 2026 වසර වන විට ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීම උත්සාහයයි

පාර්ලිමේන්තුව හෙට (31) පෙරවරු 9.30 දක්වා කල් තැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස