අගමැතිගෙන් ආදර්ශයක්…! කැබිනට්ටුවට අවුරුද්දක් වැටුප් සහ දීමනා නෑ…!

June 4, 2022 at 6:53 pm | by emanisa.lk

අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය සිය වැටුප් සහ අනෙකුත් දීමනා වසරක කාලයක් ලබා ගැනීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

ඊට අදාළ ඇමැති මණ්ඩල පත්‍රිකාව අගමැති රනිල් වික්‍රමසිංහ හෙට (06) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තමන් මෙම ස්ථාවරත්වයේ සිටින බැවින් අනෙකුත් කැබිනට් ඇමැතිවරුන් ද වසරක කාලයක් කැබිනට් ඇමැතිවරයකුට හිමි වැටුප් සහ දීමනාව ලබා ගැනීමෙන් වැළකී සිටීමට සුදුසු බව අගමැතිවරයා එම පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමේ අරමුනින් මෙම පියවර ගැනීමට අගමැතිවරයා තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *