අගමැතිකමට සුදුසු ම පුද්ගලයා රනිල්…! – බෙංගමුවේ නාලක හිමි..

May 17, 2022 at 6:59 am | by emanisa.lk

මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ඊට හේතුව රනිල් වික්‍රමසිංහ හොඳ කෙනෙක් නිසා නොව බව ද උන්වහන්සේ පැවසූහ.

මේ මොහොතේ රට වැටී ඇති ආර්ථික අර්බුදය ජාත්‍යන්තර සහයෝගය මත ගොඩ නැංවීමට හැකි පාර්ලිමේන්තුවේ සිටින එක ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

උත්සවයක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *