අලුත් ආණ්ඩුවේ බදියුදීන් හකීම් TNA හිටියා කියලා පළා යන්න බෑ…! ඩලස් ජනපති කළොත් උපන්දා සිට කළ පව් අවසන්…!- විමල්…

July 19, 2022 at 7:01 pm | by emanisa.lk

ඉදිරියේ දී ගොඩනැඟෙන ආණ්ඩුවේ හකීම්, බදියුදීන්, දෙමළ සන්ධානය සිටියේ යැයි හෝ සජිත් අගමැති වන්නේ යැයි කියා පළා යා නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රීවරයා එහි දී පෙන්වා දුන්නේ, මෙය තිත්ත කසායක් බවත් ඔක්කාරයට ආව ද බීමට සිදුවන බවයි.

ආර්ථිකය නැමැති මන්දිරය ගිනි ගනිද්දි සියලු දෙනා එකතු වී වතුර ගසා නිවා දමා ගිනි තිබ්බ එකා පසුව සොයා බැලිය යුතු බවයි, විමල් වීරවංශ අවධාරණය කළේ.

පසුගිය සමයේ වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු ආකාරය පිළිබඳ ධනාත්මකව බලන නමුත් මෙම අර්බුදයේ නිර්මාතෘවරයෙකු ලෙස ඔහුට වෙදෙකු විය නොහැකි බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපති තේරීමේ දී ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරමින් පක්ෂ එකොළහ මගින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම ජනපති කරන මල් වට්ටියට අත ගසන ලෙසත් එය උපන්දා සිට කළ පව් අවසන් වන පිංකමක් බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *