09 වෙනිදා කොළඹ එන්න කියල මම නම් කීවේ නෑ…! – ෆීල්ඩ් මාර්ෂල්…

August 4, 2022 at 10:48 am | by emanisa.lk

හොර පාරෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ජනතාව තළා පෙළා මර්දනය කරමින් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් පවසන්නේ, ආර්ථික අර්බුදය නිසා පෝලීම්වල දුක් විඳින ජනතාවට රට වෙනුවෙන් හඬ නැඟිමට අයිතියක් ඇති බවයි.

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තානාපති කාර්යාල, විදෙස්ගත ප්‍රජාව ජනතාව පැත්තේ සිටගත යුතු බවයි, ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කළේ.

අගෝස්තු 09 වෙනිදා ජනතාව කොළඹ පැමිණිය යුුතු බව කීවේ අරගල නායකයින් බවත් තමා කළේ එය පාර්ලිමේන්තුවේ නැවත ප්‍රකාශ කිරීම බවත් ඔහු අවධාරණය කරයි.

අරගල නායකයින් එම තීන්දුව කල් දමන්නේ නම් ඊට ද තමා උදව් කරන බව ද සරත් ෆොන්සේකා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *