ඇමරිකාවට රටේ සම්පත් උගස් තියලා ණයක් අරගෙන ආර්ථිකය හදන්න මම සූදානම්! – රනිල්

July 22, 2020 at 10:29 am | by emanisa.lk

ටයිටැනික් ආර්ථික අර්බුදයට විසඳුම් නොමැති නිසා පොහොට්ටු ආණ්ඩු රටෙ සම්පත් උගස් තැබීමට යන්නේ යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

පොහොට්ටුවට ආර්ථිකය හැසිරවීමේ දක්ෂතාවක් නැති බවත් දැන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන බවත් එජාප නායකයා සඳහන් කරයි.

එහෙත් තමන් මේ අර්බුදය විසඳීමට සූදානම් බවත් ඒ සඳහා ඇමරිකානු මහ බැංකුවට රටේ සම්පත් උගස් තබා ඩොලර් මිලියන 1000ක් ලබා ගැනීමේ ගිවිසුමකට යාමට සූදානම් බවත් ඔහු පවසයි.

ඩොලර් මිලියන 4500ක අපේ බැඳුම්කර ඇමරිකාවේ ඇති බවත් එය උගසට තබා මෙම ණය මුදල ලබා ගන්නා බවත් හෙතෙම අනරවණය කරයි.

ඊයේ (21) රත්නපුරයේදී එජාප ජනහමුවකට එකතු වෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස