ආර්ථික අර්බුදය ජයගන්න ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු සහාය…! – රනිල්….

May 16, 2022 at 9:26 am | by emanisa.lk

ආර්ථික අර්බුදය විසඳීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව අප රටට ආධාර දීමට ඒකඟ වූ බව අගමැති වික්‍රමසිංහ පවසයි.

මාධ්‍ය වෙත ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටලු විසඳීමට සහ ආර්ථික කටයුතුවලට ආධාර දෙන බවට ඔවුන් පොරොන්දු වී තිබේ.

මීට ඉහත සාකච්ඡා පැවැත්වු රටවල් ද අප රටට ආධාර කිරිමට කටයුතු කර ගෙන යන අතර ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ක්ෂනික අභියෝගය රජයට පවතින බවත් බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය ඒ් සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටින බවත් සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව අන්තර්ජාතික සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් ඒම සාකච්ඡා ධනාත්මක වී ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *