ආණ්ඩුවට IMF යන්න බාධා නොකළ යුතුයි…! රට වැටුණ ම පිහිට වුණේ IMF තමයි..! – රනිල්…

January 31, 2022 at 11:16 am | by emanisa.lk

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ‍

එසේ ම වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවස්ථා තුනක දී, එනම් 1989,2001 සහ 2015 දී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රටට කිසිදු අවාසියක් නොවන කොන්දේසි යටතේ ආධාර ලබාගත් බව සිහිපත් කළ අගමැති වික්‍රමසිංහ, රට යළි ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මක අවශ්‍යතාව ද අවධාරණය කරයි..

රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගිය 29 වන දා පුත්තලම ප්‍රදේශයේ පැවැති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *