ඇමරිකාව ලංකාවේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවයි! ලංකාවට පැමිණෙන ඇමරිකානුවන්ට පරිස්සම් වන්නැයි කියයි….!

August 4, 2019 at 9:48 am | by emanisa.lk

එළඹෙන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට අවධානයෙන් පසු වන ලෙස මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවවාද කර තිබේ.

ඒ අනුව සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපොළ, සාප්පු සංකීර්ණ, රජ්‍ය ආයතන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සවයන්, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල සහ රෝහල් ආශ්‍රිත ස්ථානවලට ත්‍රස්තවාදීන්ට සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රහාර එල්ල කළ හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස සිය පුරවැසියන්ට දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් සංචාරක හා පොදු ස්ථානවලදී වැඩි අවධානයෙන් පසුවන ලෙසත්, දේශීය මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලබන පුවත් සහ ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරනු ලබන නිවේදනයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් අමෙරිකානු තානාපති කාර්යලය සිය මෙරට සංචාරය කරනු ලබන සිය පුරවැසියන් ගෙන් ඉල්ලීමක් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස