ත්‍රස්තවාදීන් නිසා මම පස්සට යන්නැහැ! බය වෙන්නෙත් නැහැ! ගෙදර යන්නෙත් නැහැ! ගහලා ඉවර කරනවා! – ජනපති (video)

May 12, 2019 at 8:58 am | by admin

ලෝකයේ බොහෝ දියුණු රටවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වුවද ඒ රටවල නායකයන්ට ත්‍රස්තවාදය පරාජය කරන්න කියා මිස ගෙදර පලයන් යැයි නොකී බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මේ ත්‍රස්තවාදීන් අප්‍රේල් 21 අපට පහරදුන්නා ලෝකේ යුරෝපීය රටවල් සියල්ලටම පහරදුන්නා.මේ වගේ පිපිරීම් රුසියාවේ කලා.ඇමරිකාවේ කලා කැනඩාවේ කලා.ඕස්ට්‍රේලියාව ඉන්දුනීසියාව ඉන්දියාව සියල්ලේම මේ වගේ පිපිරීම් කලා .ඒත් ලෝකයේ මේ ත්‍රස්තවාදීන් පිපිරීම් කරලා පහරදීම් කරලා මිනිස් ජීවිත විනාශ කරනකොට ඒ රටේ නායකයෝ කවුරුවත් ඒ රටේ නායකයාට කිවුවේ නැහැ උඹ අස්වෙයන් ගෙදර පලයන් කියලා.”

“මේ ත්‍රස්තවාදී සිදුවීම් නිසා මමත් පසුබාන් නැහැ. පස්සට යන්නැහැ .මම බය වෙන්නෙත් නැහැ.මම ගෙදර යන්නෙත් නැහැ. මම ගහලාප ඉවර කරනවා මේ ත්‍රස්තවාදීන්ට. 21 වෙනිදා සිදුවෙච්ච සිදුවීම් වලට වගකිව යුතු අයට විරුද්දව මං නීතිමය පියවර ගන්නවා.මේ වගකීම් පැහැරහැරියේ කවුද කියලා හොයන්න මං ශ්‍රේෂ්ඨාධීකරණ විනිස්චයකාරවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත්කලා.ඔවුන් අතුරු වාර්තා දෙකක් දීලා තිබෙනවා.ලබන සතියේ ඔවුන් අවසන් වාර්තාව දේවි.”

“විශේෂයෙන්ම වගඋත්තර කරුවන් වන ඕනෑම කෙනෙක්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරනවා.මේ වගේ ජීවිත විනාශ කරපු එකේ වගකීම ඔවුන් භාරගත යුතුයි. මේ රටේ අවාසනාවකට සමහර අය ඉන්නවා බෝම්බ පුපුරනවා නම් කැමති අයත්. ඒ දේශපාලන අවස්ථාවාදියෝ දේශපාලන කුහකයෝ. ඒ නිසා අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කරමු.”

රට වෙනුවෙන් එකට සිටුමු – සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේ අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස