චීන ලංකා ආරක්ෂණ ගනුදෙනුවලට ඇමරිකාව විරුද්ධවෙයි! අධිතාක්ෂණික උපකරණ ඇමරිකාවෙන් ගන්නලු!

May 26, 2019 at 9:09 am | by admin

ශ්‍රී ලංකා ආණ්ඩුව චීනයෙන් ජාතික ආරක්ෂක මෙහෙයුම් සඳහා අධිතාක්ෂණික උපකරණ ලබාගැනීම ගැන අමෙරිකානු රජය සිය රාජ්‍යතාන්ත්‍රික විරෝධය පළකර ඇත.

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ තම රට ආරක්ෂක හා ආවේක්ෂණ, නිරීක්ෂණ කටයුතු සඳහා චීන රජයෙන් අධි තාක්ෂණික උපකරණ සපයා ගැනීමට රජය තීන්දු කළේය.

පසුගියදා චීනයට ගිය ජනාධිපතිවරයා තාක්ෂණික උපකරණ සපයා දෙන ආරක්ෂක ගිවිසුමකටද අත්සන් තැබීය. ඉන් අනතුරැව මෙම අමෙරිකානු විරෝධය පළ වී තිබේ.

ඔවුන් රජයට යෝජනා කර ඇත්තේ අධි තාක්ෂණික උපකරණ අවශ්‍ය නම් අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර තිබෙන SOFA ගිවිසුම (ආරක්ෂක හා පහසුකම් සැපයීමේ ගිවිසුම) යටතේ එබඳු උපකරණ සපයා දිය හැකි බවය.

මෙය එක්තරා ආකාරයකින් රටේ ස්වාධීනත්වයට කරන ලද අනවශ්‍ය අතපෙවීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස