වැල්ලම්පිටිය බෝම්බ කම්හලේ සේවකයන්ට ඇප! සැකකරුවන් රඳවා ගන්න පොලිසිය කිසිවක් කරලා නෑ!

May 6, 2019 at 1:47 pm | by admin

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 9 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම නිසා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඔවුන් මුදා හැර තිබේ.

එහි දහවෙනි සැකකරු පමණක් ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහා යොමු කිරීමට අවශ්‍ය යැයි පොලිසිය පැවසූ නිසා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම තඹ කම්හල පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණු ඉන්සාක් ඊබ්‍රාහිම්ට අයත් වූවකි. ඒ සඳහා හමුදාවේ හිස් පතුරම් කොපු තොග ගණනින් ලබා දී තිබුණේ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් යටතේ පවතින රාජ්‍ය ආයතනයක් මගිනි. සෙසු කර්මාන්ත කරුවන්ට කිලෝ 3000ට අඩුවෙන් පතුරම් කොපු ලබා දෙන විට ඊබ්‍රාහිම්ගේ කම්හලට කිලෝ 25000ක් බැගින් ලබා දී ඇති බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස