පාසල් ආරම්භ කිරීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ නෑ! – අස්ගිරි නාහිමි….

May 5, 2019 at 8:11 pm | by admin

රට තුළ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාසල් ආරම්භ කිරීම කල් දමන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් රජයට දැනුම් දී තිබේ. එසේම රටේ ආරක්ෂාව තහවුරු කර සියලු පාසල් එකම දිනයක ආරම්භ කරන ලෙස ද එහිමියන් පවසා සිටිති.

රටේ පාසල් ආරම්භ කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දෙමාපියන් බියට පත්ව ඇති බැවින් තව සති කිහිපයකට පසු පාසල් ආරම්භ කිරීම වඩා සුදුසු බවත් උන් වහන්සේගේ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *