අද පාලකයෝ මහ සංඝරත්නයේ අවවාද පිළිගන්නේ නෑ!

March 3, 2019 at 10:28 am | by admin

වර්තමානයේ මෙරට ඇතැම් රාජ්‍ය පාලකයින් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නොසලකා හරිමින් කටයුතු කරන තත්ත්වයක් උදා වී ඇති බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මහා සංඝරත්නය නිරන්තරයෙන් ප්‍රකාශ කළද එම කරුණුවලට පාලකයින් ඇහුම්කන් නොදෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

වාරියපොළ ශ්‍රි සුමංගලා නාහිමි අනුස්මරණ උත්සවයකට එක්වෙමින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමි මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස