අවුරුදු 12 මුස්ලිම් දැරියන් විවාහ කරගත් යුගය අවසන්! මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය!

August 21, 2019 at 2:31 pm | by emanisa.lk

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම පනතෙහි ඇතැම් විධි විධාන සංශෝධනය විය යුතු බවට මෙරට බහුතර ජනතාව, භික්ෂූන් වහන්සේලා, මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන් පසුගිය සමයේ විශාල හඬක් නැඟුවේය.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ඒ.එච්.එම්. හලීම් සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම ආදී කරුණු සංශෝධනය සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස