අවම ගාස්තුව රු. 20ක්! 50%ක ගාස්තු වැඩි වීමක්! – කර්මාන්තය රකින්න බස් ගැමුණුගෙන් යෝජනාවලියක්…

November 4, 2020 at 10:02 pm | by emanisa.lk

කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය සේවා බස් ගාස්තුව මෙන් එකහමාර ගුණයකින් සහ අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් කඩිනමින් සිදුවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසී ය.

මෙම බස් ගාස්තු සංශෝධනය සහ කොරෝනා වසංගත සමයේ බස් කර්මාන්තයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් යෝජනාවලියක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අද (04) දිනයේ භාර දුන් බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව එක් මගියකුට එක් ආසනයක් පමණක් හිමිවන ලෙස සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් මේ සමග යෝජනා කළ බව ද විජේරත්න මහතා සඳහන් කළේ ය.

මෙම සංශෝධන අනුව අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු වල වෙනසක් නොකළ යුතු බවත් අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව මෙන් 1.25 ක ගාස්තුවක් අය කරන ලෙසට යෝජනා කළ බවත් හෙතෙම පැවසී ය.

දුර ගමන් සේවා බස්රථ ගමනාන්තය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කළ යුතු අතර අතරමගදී මගීන් නංවා ගැනීම නො කළ යුතු වේ.

බස් රථ මගින් පිටුපස දොරින් ඇතුළු වී ඉදිරිපස දොරින් දොරින් පිටවිය යුතු අතර කොන්දොස්තර මහතා පිටුපස ආසනය අසල රැඳී සිටිය යුතු අතර ඔහු බස්රථයේ එහා මෙහා ගමන් කිරීම නොකළ යුතුවේ.

බස් රථ මගින් සහ බස් රථ සේවකයන් සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ පැළදීම අනිවාර්ය අතර බස්රථ විසබීජහරණයට ද ලක් කළ යුතු වේ.

බස් රථ මගින් ද ආරක්ෂා කර ගනිමින් බස් රථ කර්මාන්තය පවත්වා ගැනීමේ අරමුණින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවද බවද ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස