දෙවන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක්! GMO අවදානම් ස්ථාන 4ක් ගැන අනතුරු අඟවයි!

July 4, 2020 at 9:47 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි අවදානම් ස්ථාන 04 ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට අනතුරු අගවයි.

මෙලෙස අවදානම් ස්ථාන ලෙස නම් කර ඇත්තේ ගුවන්තොටුපල, බස් රථ හා දුම්රිය සේවාවන්, පාසල් හා මැතිවරණ සමයයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් හරිත අලුත්ගේ සඳහන් කළේ බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා භාවිතාවේදී සමාජ දුරස්ථභාවය ගැන කිසිදු අවධානයක් නොදක්වන නිසා කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වීමට ඇති ඉඩකඩ වැඩි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *