නිරෝධනය වී ගෙදර ආ අයෙකුටත් කොරෝනා! නිරෝධායනය වූ අයත් අවධානම් කලාපයේ!

April 4, 2020 at 11:14 pm | by emanisa.lk

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල රෝහලටද අනෙක් පස් දෙනා කරාපිටිය රෝහලටද ඇතුළත් කර ඇත.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරීමට මෙසේ රෝහල් ගත කළ බවය.

මේ අනුව නිරෝධායනය සහ ස්වයං නිරෝධායනය වන පුද්ගලයන් පිළිබඳ දැඩි පසු අධීක්ෂණයක අවශ්‍යතාව ද මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස