කොරෝනා අවදානම අරන් දහස් ගණනක් බස්නාහිරින් පිටවේ! කොට්ටාව පිවිසුමේ කිලෝ මීටරයක් දිග වාහන පෝළිමක්!

October 29, 2020 at 8:45 pm | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල අද (29) හවස දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට රජය දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට යාම සඳහා පැමිණීම මෙම රථවාහන තදබදයට හේතුව බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාතෙන් පිටව නො යන ලෙස රජය දැනුම් දුන්න ද මෙලෙස පිටව යාම වරදක් බව පොලීසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කර තිබේ.

මෙම තත්ත්වයත් සමග කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝමීටරක පමණ දුරක තෙක් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *