දකුණේ කිසිම අපේක්ෂකයෙක් උතුරේ දෙමළ පක්ෂවල ඉල්ලීම් 13ට ප්‍රසිද්ධියේ පිළිගන්නේ නෑ! – වර්ධරාජා පෙරුමාල්

October 17, 2019 at 8:28 pm | by emanisa.lk

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් අද(17) සඳහන් කළේය.

“ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සිවාජිලිංගම් විතරයි මේ යෝජනා පිළිගන්නා එකම අපේක්ෂකයෙකු විදිහට ඉන්නේ. වෙන කිසිදු අපේක්ෂකයෙකුට මේ ඉල්ලීම්වලට එකඟ වෙන්න බැහැ.

මොකද රට බෙදන නැවතත් බෙදුම්වාදයට පණ පොවන මෙවන් ඉල්ලීම් සඳහා කිසිදු දකුණේ නායකයෙකු එකඟ වෙන්න බැහැ. ඒවාට එකඟ වුණා කියන්නේ ඔවුන් දකුණේ සිංහල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවයා.

මේ බව දැන දැනම මේ අවස්ථාවක මේ වගේ ගිවිසුමකට එළඹීම පිටුපස කුමක් හෝ ලොකු සැලැස්මක් තියෙනවා. ඒ අය කියනවා වගේ සිවාජිලිංගම් මේ යෝජනා පිළිගන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළත් මේ පක්ෂවල කිසිවෙක් දෙමළ ජනතාවගේ සහාය සිවාජිලිංගම්ට යන්න ඉඩ තියන්නෙත් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස