ආණ්ඩුවේ ඥානාන්විත තීන්දුවක්! චීන සිසුන් දියතලාව හමුදා කඳවුරට! වෙන වෙනම සති දෙකක සුපරික්ෂාවක්!

January 28, 2020 at 3:20 pm | by emanisa.lk

චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් සති දෙකක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරව්්ච්චි පැවසුවාය.

ඔවුන් එහි  කාමරවල වෙන් වෙන්ව රඳවා තබාගෙන පරීක්ෂාවන්ට ලක්කරන බවද ඇය කීවාය.එ

මෙන්ම චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන සෞඛ්‍ය අංශ මගින් නිරන්තර පරීක්ෂාවන්ට ලක්කිරීමට පියවර ගෙන ඇතැයිද ඇය සඳහන් කළාය.

ඇමතිවරිය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස