හෙට සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා! – ජවිපෙ

June 1, 2020 at 7:13 pm | by emanisa.lk

හෙට සිට රට පුරා අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයන්ට රැකියා ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ මාලාව පවත්වන බව ඔහු පැවසීය.

මෙම උද්ඝෝෂණ මාලාවේ පළමු පියවර හෙට  (2) දිනයේ හම්බන්තොට කම්කරු කාර්යාලය ඉදිරියෙන් ආරම්භ කරන බවද ඔහු පැවසුවේය.

අද වන විට මෙරට කර්මාන්තශාලා සැලකිය යුතු ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ඒවායේ සේවය කළ අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයන් ලක්ෂ තුනක පමණ පිරිසකගේ රැකියා අහිමිවී ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස