හමුදාව යුද අපරාධකරුවන් කළ ජිනීවා යෝජනාව හැදුවේ ආණ්ඩුවේ කවුද කියා වහා රටට හෙළිකළ යුතුයි! – උතුරේ ආණ්ඩුකාර

April 13, 2019 at 8:32 am | by admin

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාව කෙටුම්පත් කළේ කවුද යන්න රජය මෙතෙක් හෙළිකර නැත. මේ රහස් හෙළිකරන ලෙස උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් විදේශ කටයුතු ලේකම් රවිනාත් ආරියසිංහගෙන් ඉල්ලා ඇතැයි එය හෙළිකර නැත.

30/1 නමින් හඳුන්වන ජිනීවා යෝජනාව කෙටුම්පත් කළ පිරිස ජනතාවගෙන්ද වසන් වී තිබේ.

මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකා හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කළ යුතු බවද දන්වා ඇත.

ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ 30/1 ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ පසු විදේශ අමාත්‍ය තිලක් මාරපන ජිනීවාහි දී කළ ප්‍රකාශය ඊට පටහැනි විය.

එම ප්‍රකාශයට එරෙහිව අනතුරුව මංගල සමරවීර නිවේදනයක් නිකුත් කළ අතර මුල් යෝජනාව සඳහා අදාළ තොරතුරු ලබා දුන්නේ මංගල සමරවීර බවට චෝදනා නැඟෙයි. 2015 ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබා දුන්නේ ද මංගල සමරවීර විදේශ ඇමති ධුරයේ කටයුතු කරන සමයේය.

පසුගියදා එස්.බී. දිසානායක හෙළි කළේ 2025 එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙන් ඇමති මංගල සමරවීර රට පාව දුන් බවය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉවත්  විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස