රට පාවා දෙන ද්‍රෝහී දෙවන ජිනීවා යෝජනාව පිටුපසත් මංගල! (video)

March 15, 2019 at 11:05 pm | by admin

බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 05ක් සමඟ එක්ව මෙවර ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන යෝජනාවට ජීනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අෂිස් මහතා අත්සන් තබා තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව නොවන බව දේශප්‍රේමී ලාංකික සංසදයේ විධායක සභික මහාචාර්ය චන්න ජයසුමන චෝදනා කරයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ එම යෝජනාවට අත්සන් තබන ලෙස නිත්‍ය නියෝජිතයාට උපදෙස් ලබාදී ඇත්තේ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍යවරයෙක් බවයි.

ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණි විට ජිනීවා නිත්‍ය නියෝජිතයා නැවත ලංකාවට කැඳවන මෙන් ඉල්ලා සිටින බව ද ඔහු අවධාරණය කළේය.

ජිනීවා යෝජනාව සඳහා 2015 වසරේ ජනාධිපති අනුමැතියක් ද නොමැතිව සම අනුග්‍රහය දක්වා තිබුණේ එවක විදේශ ඇමති මංගල සමරවිර විසිනි. ඔහු මේ වන විට මුදල් ඇමති ලෙස කටයුතු කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස