සහරාන් හෂීම් සමග රාජිත මාධ්‍ය හමුවක! ගෝඨා සමග පැවති සබඳතා සියල්ල වමාරයි!

November 11, 2019 at 5:39 pm | by emanisa.lk

ආණ්ඩුවට ජනතාව ඉදිරියට ගොස් කීමට කිසිවක් නොමැති නිසා බොරුකාරයන් මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ජනතාව රැවටීමට උත්සාහ කරන බව විපක්ෂ නායක රාජිත සේනාරත්න පවසයි.

රැවුල් අලවා බොරුකාරයන් මාධ්‍ය ඉදිරියට ගෙන එන ඇමති රාජිත සේනාරත්න හෙට අනිත්දා වන විට සහරාන්ගේ බිරිඳ ද හැකි නම් සහරාන් හෂීම් ද සමග පැමිණ මාධ්‍ය හමුවක් පවත්වනු ඇතැයි සඳහන් කළේය.

අවුරුදු පහක් ආණ්ඩු කළ අයට මෙම චෝදනා අනුව අධිකරණයට ගොස් නඩු පවරා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට කටයුතු නොකළේ මන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි. කෙසේ වුවද මේ රටේ ජනතාව බුද්ධිමත් බවත් ඔවුන් තවත් රැවටිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ආණ්ඩුව පැහැදිලිවම පරාජය ඉදිරියේ සිටින බවත් 57%ක පමණ ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන බව දැනට තතහවුරු වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

අද (11) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස