ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජනපතිගෙන් ප්‍රශංසා!

December 2, 2019 at 12:20 am | by emanisa.lk

සිය ඉන්දීය සංචාරයේදී ලබා දුන් විශිෂ්ට ආගන්තුක සත්කාරය වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ප්‍රශංසාව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ලෝකය දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි විශ්වාස කරන බව ද එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ජනාධිපතිවරයා සිය ප්‍රථම නිල සංචාරය සඳහා සිය ගුවන් සේවාව යොදා ගැනීම පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය ප්‍රශංසාව පළකර තිබිණි.

කෙසේ වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකන් ගුවන්සේවය තමන්ට බල්ලකුටවත් කෑමට නොහැකි කජු පීරිසියක් දුන්නේ යැයි සංචාරයකින් පසු ප්‍රසිද්ධියේ චෝදනා කළේ සමස්ත ගුවන් සේවයම ලෝකය ඉදිරියේ අවඥාවට ලක්කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස