ශ්‍රී ලංකන් යානයකට සේවකයන් 333ක්! ණය ප්‍රමාණය කෝටි විසි දාහයි!

July 7, 2019 at 5:27 pm | by emanisa.lk

ප‍්‍රමාණය ඉක්මවා සේවකයින් පිරිසක් බඳවා ගැනීම නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම දැඩි ලෙස පාඩු ලබන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

කල්බදු පදනම යටතේ ලබාගත් යානා 21ක් ශ්‍රී ලංකන් ගුවන් සේවාව සතු අතර එහි සේවකයන් 8000ක් සිටී. සාමාන්‍ය ගුවන් සේවාවක එක් යානයක් සඳහා සේවකයන් 110-120ක් සිටිය ද ශ්‍රී ලංකන් යානයක් සඳහා සේවකයන් 333 දෙනෙකු සිටින බව ද හෙතෙම හෙළි කළේය.

මේ වන විට ගුවන් සේවාව කෝටි 20 000ක් ණය බවත් මාසකට එක් සේවකයකු සඳහා පාඩුව රු. ලක්ෂ හතරහමාරක් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. එය ණය ප්‍රමාණය රටේ ආදායමින් 10%ක් බව පෙන්වා දුන් ඇමතිවරයා මෙතරම් සේවකයන් පිරිසක් සමග එහි ආයෝජනය කිරීමට කිසිවකු කැමති නැති බව ද ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරියට පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස