ඇෆ්ගන් ගුවන්සේවය වැනසූ සුද්දෙක් ශ්‍රීලංකන් මුල් පුටුවකට! ඇමරිකාවටත් ඩොලර් මිලියන 11ක් පොලු තැබූ ලෝක හොරෙක්!

September 2, 2019 at 4:13 pm | by emanisa.lk

ඇෆ්ගනිස්තානයේ පෞද්ගලික ගුවන් සමාගමක ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරමින් සිට එය අලාභ තත්ත්වයට පත්කළ ඇමෙරිකානු ජාතිකයකු ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන අලෙවි නිලධාරී තනතුරට පත්ව ඇති බව වාර්තා වේ.

එම ඇමෙරිකානු ජාතිකයා ජෝෂුවා බුස්වෝස් ලෙස නම භාවිත කරමින් සිට ඇති අතර පසුව ඇෆ්ගනිස්ථානයට ගොස් එහිදී විවාහ වී ඇත. ඔහු එහිදී එතෙක් භාවිත කළ නම වෙනස් කරමින් මොහොමඩ් ඕමාර් යන නම භාවිත කර තිබේ. ඔහු ශ්‍රීලංකන් ගුවන්සේවයට පත්ව පැමිණ ඇත්තේ වෙනත් නමකිනි.

එරට සාෆි ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්ව ඇති අතර ඔහුගේ පාලන කාලයේදී එය අධික ලෙස පාඩු ලැබීම නිසා එම ගුවන් සේවය බංකොලොත් වී ඇත.

ඊට අමතරව ඔහුගේ නමින් ඇමෙරිකාවේ ලියාපදිංචි සමාගමක් මගින් ඩොලර් මිලියන 11ක සන්නිවේදන උපකරණ මිලදී ගැනීමේදී සිදුකළ වංචාවකටද වරදකරු වී ඇත.

ශ්‍රීලංකන් ගුවන්සේවය දැනටමත් අධික ලෙස පාඩු ලබමින් පවතින අතර ආණ්ඩුව පත්කර ඇති දස ලක්ෂ ගණනින් පඩි ගන්නා නිලධාරීන් විශාල ගණනක් ඊට නඩත්තු කිරීමට සිදුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස