මාස 9ට ශ්‍රීලංකන් පාඩුව කෝටි 40යි!

January 24, 2019 at 6:32 am | by admin

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය මාස නවය තුළ රු. බිලියන 40ක් පාඩු ලබා ඇතැයි වාර්තා වෙයි. 2015 දී රු. බිලියන 4.9 ක් වී තිබූ එම පාඩුව 2016 දී රු. බිලියන 14.1 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් පිහිට වූ දොළොස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ කටයුතු අවසන් වී තිබේ. ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා සුදුසු විදේශ ආයෝජකයකු සමග සම්බන්ධ වීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස