වැඩපිළිවෙළක් නැති නිසා රට කුඩු-කසළ මධ්‍යස්ථානයක් වුණා! වරද මේ ආණ්ඩුවේ නෙමේ මහින්දගේ පනතේ!

July 30, 2019 at 7:57 pm | by emanisa.lk

වාණිජ, නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් කරගෙන තිබූ රට කුඩු හා කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය වී ඇත්තේ රටට ප‍්‍රතිපත්තියක් හා ඍජු වැඩපිළිවෙළක් නැතිකම නිසා යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

වැදගත් භූගෝලීය පිහිටීම අනුව වරායවල් හා ගුවන්තොටුපල ගොඩගත හැකි රට මත් කුඩු ගේන මධ්‍යස්ථානයක් බවට ලංකාවේ මේ භූගෝලීය පිහිටීම මත්කුඩු හා කසල ගෙන්වන මධ්‍යස්ථානයක් වී තිබීම කණගාටුවක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ සාලාව යුද හමුදා කඳවුර පිපිරීමෙන් හානි වූ ව්‍යාපාරික ස්ථාන සඳහා රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ නව වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂගේ සමයේ 2013 දී සම්මත කළ පනතක් මහින්ද රාජපක්ෂ මගින් විදේශ රටවලින් භාණ්ඩ ගෙනවිත් නැවත පිට රටට යවන ක‍්‍රමවේදයක් ඇති කළ බව කී ඇමතිවරයා දැන් ඒ පනත මගින් විදේශ රටවල රෝහල්වලින් ඉවත් කළ කුණු කසල ඇතුළු පරිහරණය කරන ලද භාණ්ඩ අතිවිශාල ප‍්‍රමාණයක් ලංකාවට ගෙනවිත් තිබෙන බව ද කීවේය.

කැනඩාව, මැලේසියාව, චීනය වැනි රටවලටද මෙලෙස යැවූ කුණු ඔවුන් ආපසු හරවා යැවූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස