මත්තල ගුවන්තොටුපළ හැදූ නිසා දස ලක්ෂයක් සංචාරකයෝ අපට අහිමි වුණා!

February 20, 2019 at 6:30 am | by admin

කටුනායක ගුවන් තොටුපොළේ දෙවැනි ගුවන් පථය ඉදිකිරීමට අවශ්‍යතාව තිබියදී මත්තල ගුවන් තොටුපොළක් නිර්මාණය කිරීමෙන් ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මිලියන ගණනක් සංචාරකයන් අහිමි වූ බව අමාතත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
කලුතරදී පැවැති වැඩසටහකදී ඔහු මේ බව සඳහන් කළේය.

“මම හිටියා 2006 මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කරලා සිමා ආයතනයේ අධ්‍යක්‍ෂකයෙක් හැටියට. එතකොට අපිව හම්බවෙන්න ආවා ගුවන් සේවාවෙන්, අයෝටා එකේ කට්ටියයි. ගුවන් සේවාවේ හිටපු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාගේ සහෝදරයා එහෙම ඇවිත් අපට කිව්වා අවුරුදු 10 කින් කටුනායක ගුවන් තොටුපල උපරිම ධාරිතාවට එනවා කියලා.”

“කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථයේ බාන්න පුළුවන් දවසකට යානා 200 යි. ඒ යානා 200 අවුරුදු 10 කින් එනවා කිව්වා. ඒ කියන්නේ 2015, 2016 වෙනකොට එනවා කියලා. ඒ නිසා ඒ ගොල්ලෝ කිව්වා ඉක්මනට දෙවන ගුවන් පථය හදන්න කියලා.”

“ඒ ගැන වාද විවාද ගියා. ගෙවල් කැඩෙනවා අච්චරක් මෙච්චරක් කියලා කතා කිය කිය හිටියා. අන්තිම කොහෙද ගුවන් පථය ගැහුවේ. මත්තල.”

“ජනාධිපති කොහේ හරි උනහම එයාගේ දිස්ත‍්‍රික්කෙ තමයි ඔක්කොම කරන්නේ. ඔන්න ගැහුවා මත්තල. දැන් මොකද තත්වය කටුනායක දෙවෙන පථය හැදුවා නම් අද කටුනායකට තවත් ගුවන් යානා 225ක්, 240 ක් එනවා. ඒක ගුවන් තොටුපලක් නෙමෙයි ඒක මාලු කඩයක්. ඒක අපට පාලනය කරන්න බැරි තත්වයට ඇවිල්ලා තිබෙනවා. සංචාරකයෝ මිලියන ගණන් එනවා කිව්වාට ගෙන්නන්න ගුවන් තොටුපලක් තියෙන්න එපැයි.”

“දැන් ගුවන් තොටුපල තියෙනවා මත්තල. එහි ආදායම කීයද? 2018 වාර්ෂික ආදායම මිලියන 14 යි. වියදම (මිලියන) 5,600 යි. රුපියලක් ලැබෙන කොට 395 ක් වියදම් කරනවා. මෙන්න විද්‍යානුකූල භාවය. දැන් මේ ගුවන් පථය කටුනායක ගැහුවා නම් මේ වන විට ගුවන් යානා 400 ක් ලංකාවට එනවා. තව අතිරේක වශයෙන් දශ ලක්ෂයක් මේ රටේ සංචාරකයින් අලුතෙන් එනවා. මේ සල්ලි අවුරුදු 6 ක් ඇතුළත අපට ලැබෙනවා.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ පලාලි ගුව්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට වැඩි දියුණු කරවන බවය. වර්තමාන ආණ්ඩුව අමාත්‍ය පාඨලි රණවක පෙන්වා දෙන ආකාරයට කටුනායක ගුවන්තොටුපළේ නව පථයක් ඉදි කිරීම මගින් තවත් සංචාරකයන් දශ ලක්ෂයක් ගෙන්වා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස