රනිල්ගේ 2020 ජනපති අපේක්ෂක පාඨලී! රාජිත ෆොනී විසිවෙයි!

July 17, 2019 at 3:05 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රාජිත සේනාරත්න, චම්පික රණවක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබු අතර මේ වන විට ඔවුන් අතරින් එජාප නායකයාගේ වැඩිම කැමැත්ත පලවී ඇත්තේ චම්පික රණවක අමාත්‍යවරයා වෙත බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ, චම්පික රණවක අමාත්‍යවරයා පසුගිය සති කිහිපයෙහි සිදුකල ප්‍රචාරක මෙහෙයුම් හරහා එජාපෙ අනෙක් සිංහල නායකයින් දෙදෙනාට වඩා භික්ෂුන් වහන්සේලාගේ හා මධ්‍යම පාන්තික විශ්වාසය දිනාගෙන ඇති බව අගමැති කාර්යාලයේ විසින් රහසිගතව සිදුකර ඇති සමීක්ෂණයකින් අනාවරණය වී ඇති හෙයිනි.

මිට පෙර අවස්ථා දෙකකදීම (2010 හා 2015) පරිදි මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි එජාප නායකයාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ලවී ඇති අතර එම බලපෑම් දැඩි වුවහොත්, එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අගමැතිවරයා දැනටමත් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවසටම ගොස් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර ඉහත නම් සඳහන් එජාප මැති ඇමතිවරුන්ට සුදානම් වන්නැයි අගමැතිවරයා දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස