ලංකාවේ විශිෂ්ට කොරෝනා මර්දන වැඩසටහන ලෝකටම ආදර්ශයක්! විපක්ෂයේ බොරුවලට හසු නොවී ආණ්ඩුවට සහාය වෙන්න! – ලන්ඩනයේ සේවය කරන වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල

March 23, 2020 at 8:33 pm | by emanisa.lk

මේ වන විට ලන්ඩනයේ සේවය කරන වෛද්‍ය ක්ෂේත්‍රයේද, පර්යේෂණ ක්ෂේතයේද අත්දැකීම් රැසක් ඇති අයෙකු වන මහාචාර්ය අතුල සුමතිපාල දියතලාව නිරෝධායන කඳවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට මහත් ආන්දෝලනයට ලක් වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසඳමින් මෙරට නිරෝධායන ක්‍රියාවලිය විශිෂ්ට බවට කරන ලද ප්‍රකාශයයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

‘ලැබුණ මුල් අවස්ථාවේම මේ පුංචි පණිවිඩය. මම මාර්තු 18 ලංකාවට පැමිණියා. දැනට දියතලාව හමුදා ඇකඩමියේ පවත්වාගෙන යන නිරෝධන කඳවුරේ කාර්ය මණ්ඩලයට අනුගතව නිරෝධනයට ලක්ව සිටිනවා. ලන්ඩනයේ හිත්රෝ ගුවන් තොටුපලේ සිට මෙතනට පැමිණීම දිග කතාවක්. එත් කියන්න තියන සාරාංශය ඉතාම පැහැදිලියි. ඉතාමත් කල්පනාකාරීව සැලසුම් සහගත් ලෙස ගෙන යන මේ වැඩපිළිවළ ලෝකයටම ආදර්ශයක්.

ඒ නිසා මම කාගෙනුත් ඉල්ලන්නේ නොකෙරෙන පොඩි පොඩි දේවල අඩුපාඩු ගැන හෝ මිට වඩා කළ හැකියයි සමහරු හිතන දේ ගැන නෙමෙයි, මේ ඉහලින්ම කෙරෙනේ දේ ගැන සාධනීයව දකින්න. මේ කොරෝන වසංගත මර්දනයට එරෙහි වැඩපිළිවළට හමුදාව සම්බන්ධ කර ගැනීම ඉතාමත් (ඉතාමත්ම) නිවැරදි තීරණයක්.

ලෝකයේ ඇති ඉහළම සෞඛ්‍ය සේවා අතර පවතින, සුවිශේෂව අපේ රෝග වැළැක්වීමේ සේවාවන් වගේම ප්‍රතිකාර සේවාවන් ඉටුකරන කාර්යය අති විශිෂ්ටයි. මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනෙරල් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මෙන්ම වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මගේ ආදරණිය හා ගෞරවනීය මිතුරාටත් මගේ ආචාරය.

සමස්ත සෞඛ්‍ය සේවයේ උදාර සහෘදයනි, ත්‍රිවිද හමුදාවේ විරෝධාරා රණවිරුවනි, පෙරමුණ බලඇණියේ රාජ්‍ය සේවකයනි, ඔබ සැමට මගේ හද පිරි ගෞරවය. ලාංකීය ජාතියේ න්‍යාය පත්‍රය දෙවන තැනට දමා පටු අරමුණු ඉදිරියට ගෙනෙන ඉඩ කඩ අහුරවාලමින්, සමස්ත ශ්‍රී ලංකා වැසියනි, ඔබ ඔබගේ නොමසුරු කැපවීම සහය මේ අවස්ථාවේ රජය ගෙනයන මේ කොරෝන පැරදවීමේ සටනට පුද දීම අතිශයෙන්ම වැදගත්ය.

සේනාධිනායක ගරු ජනාධිපති ගෝටභය රාජපක්ෂ මැතිතුමනි, ජාතිය ඔබෙන් මේ අවස්ථාවේ ඉල්ලන දේශපාලන නායකත්වය ඉතාමත් නිවැරදිව කැපවීමෙන් පුද කරන ඔබතුමාට ශ්‍රී ලාංකීය ජාතිය මේ අර්බුදයෙන්ද මුදවා ලීමට ඇති හැකියාව ගැන නැවත දැඩි විශ්වසයකින් මේ සටහන නිම කරමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස