රාජිත ගැන පරීක්ෂණ කිරීම නීති විරෝධියි! පරීක්ෂණ කළයුත්තේ සුදු වෑන් භීෂණය ගැනයි! – රාජිත රකින සටනට TNA සුමන්දිරන් එක්වෙයි….

December 27, 2019 at 10:50 am | by emanisa.lk

ආණ්ඩුව කළ යුත්තේ සුදු වෑන් භීෂණය හෙළිදරව් කළ රාජිත සේනාරත්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම නොව එම හෙළිදරව්වෙන් මතුකළ සුදු වෑන් භීෂණය ගැන පරීක්ෂණ පැවැත්වීම බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

සුදු වෑන් කතාව ඊයේ පෙරේදා ඇති වූ කතාබහක් නොවන බවත් එය වසර 10 ක පමණ සිට සමාජයේ කතාබහ වන මාතෘකාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ද මෙම මාධ්‍ය හමුවට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස