රාජ්‍ය බලය අවභාවිත කර රටින් පැනලා ඉවරයි! CID නිලධාරීන් 704කට රට යෑම තහනම්!

November 25, 2019 at 3:06 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ.

මෙම නිවේදනය අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබේ. එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක  සුජීව රත්නායක පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය පවුල ද සමග ඊයේ(24) දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස