ඩුබයි රටෙන් පිටුවහල් කළ නදිමාල් සහ බන්ධනාගාර නියාමක CID භාරයට! අමල් රයන් ඒ අතර නෑ!

March 27, 2019 at 9:13 am | by admin

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ ලලිත් කුරේ නම් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර තිබේ. ලලිත් කුරේ යනු අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාය.

ඒ දෙදෙනා ඊයේ (26) පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද අදාළ උළෙලට සහභාගී වූ බව පැවසූ අමල් පෙරේරා හෝ රංගන ශිල්පී රයන් වෑන්රෝයන් ඒ අතර නොමැත.

අමල් සහ නදීමාල් බේරා ගැනීමට උදුල් ප්‍රේමරත්න මෙන්ම පවුලේ නීතිඥයා ලෙස නිතීඥ ශාබ්දික වෙල්ලප්පිලි ද ඩුබායි වෙත ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *