ජාලියට එරෙහි වරෙන්තුව දීර්ඝ කරන්නේ නෑ! විමර්ශන අවසන් කර වාර්තාව වහාම දෙනු! – අධිකරණය FCIDයට නියෝග කරයි

March 6, 2019 at 4:50 pm | by admin

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ විවෘත වරෙන්තු යළි දීර්ඝ කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද(06) ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂ පාලන සමයේ ඇමරිකාවේ මෙරට තානාපතිවරයා ලෙස කටයුතු කරමින් තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් පන් කෝටි දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට ජාලිය වික්‍රමසූරියට චෝදනා එල්ල වී ඇත.

මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකිවී ඇති බවයි. ඒ හේතුවෙන් යලි වරෙන්තු නිකුත් කිරීමක් හෝ දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන්කර එම වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *