හොරු අල්ලන පොලිසියේ හිටපු ලොක්කාගේ හොරකම් ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි!!!

February 28, 2019 at 2:51 pm | by admin

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් අසීමිත ධනයක් සහ දේපළක් උපයා ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් ළඟදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමටද නියමිතය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ මහා පරිමාණ මූල්‍ය වංචා කීපයකට අදාළ තොරතුරු සැකකරුවන්ට ලබාදී මුදල් දේපළ ඇතුළු විවිධ වටිනා දේ ලබාගැනීම සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වෙත චෝදනා එල්ලවී තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පොලිස්පතිවරයා විසින් ලබාදුන් නියෝග මතය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා පසුගිය වසරේදී විශ්‍රාම ගිය අතර පසුව ඒ මහතාට වසරක සේවා දිගුවක්ද ලබා දී ඇත.

– දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *