ජාතිවාදී ප්‍රහාර එල්ල කළ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න! – එක්සත් ජාතීන්

May 15, 2019 at 1:36 pm | by admin

මැයි 11 වැනිදා හා ඊට පසුව සිදුවූ ජාතිවාදී ප‍්‍රහාර පිළිබඳ සොයා බලා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරුන් වන ඇඩමා ඩියොන් හා කැරන් ස්මිත් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ කරුණු අවධාරණය කර ඇත. පසුගිය දිනවලදී ඇතිවූ සිද්ධීන් නිසා මෙරට සුළු ආගමික කණ්ඩායම අවදානමකට ලක්ව ඇති බව එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර ඇත.

ජාතිවාදී කලකෝලාහල ඇතිවූ විට ඒවා වහාම මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක හමුදා යෙදවීම ගැන එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ රජයට ප‍්‍රණාමය පුද කර ඇත. එසේම මෙම සිද්ධීන්ට වගකිව යුත්තන් සොයා බලා දඬුවම් දිය යුතු බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ජනකොටස් ජීවත් වන බවත් ඒ සැමට තම ආගමික සංස්කෘතික වටිනාකම් අනුව ජීවත්වීමේ අයිතිය තිබිය යුතු බවත් එහෙයින් සියලු දෙනා එකිනෙකාට ගරු කරමින් ජීවත් වන ලෙසත් එම නිවේදනයෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස