රාජ්‍ය ආයතන ආරක්ෂවට රක්නාලංකා! සිවිල් ආරක්ෂක බළකාය රට සංවර්ධනයට!

January 7, 2020 at 8:38 am | by emanisa.lk

කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය ආයතනවල ආරක්ෂාව රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිත රක්නා ආරක්ෂක සමාගමට පැවරීමට තීරණය කර ඇත.

අදාළ රාජ්‍ය ආයතනවලට මේ වන විට යොදවා ඇති සිවිල් ආරක්ෂක බළකායේ ආරක්ෂාව මෙම පෙබරවාරි මාසයේ සිට ඉවත් කිරීමට නියෝග කර තිබේ.

ඊට සමගාමීව එකී ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට භාර දීමට පියවර ගැනීමට යන බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියල් අද්මිරාල් ආනන්ද පීරිස් සඳහන් කරයි.

මේ වනවිට කොළඹ නගරාශ්‍රිතව ස්ථාපිත රාජ්‍ය ආයතන 137කට සිවිල් ආරක්ෂක බළකායේ භටයන්ගේ ආරක්ෂාව යොදවා ඇත. එම රාජකාරියේ නියුතු ආරක්ෂක භටයන් ඉදිරියේ දී ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුයුක්ත කිරීමට යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස