කුමන වනයේදී දිවි ප්‍රහාරයක්! කම්කරුවෙක් මියගොස් රියදුරෙක් බරපතළ තුවාල ලබයි! (video)

April 20, 2019 at 8:35 am | by admin

කුමන ජාතික වනෝද්‍යානයේ කම්කරුවන් පිරිසකට දිවියකු පහර දී ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයකු මියගොස් එක් අයකු බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලබා ඇත්තේ කම්කරුවාට එල්ල වූ ප්‍රහාරය ඡායාරූපගත කිරීමට උත්සාහ කළ රියදුරෙකි.

දිවියාගේ ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයා බේරගැනීම සඳහා පිරිස පැමිණ ඇත්තේ පැය එකහමාරකට පමණ පසු බව ද අනාවරණය වී තිබේ. එසේ පැමිණ ඇත්තේ ද සංචාරක සෆාරි රථයකිනි. උද්‍යානය තුළ සේවය කරන කම්කරුවන් ඇතුළු පිරිසගේ ආරක්ෂාවට කිසිදු පහසුකමක් නොමැති බව මෙමගින් තහවුරු  වෙයි.

අදාළ ප්‍රදේශයේ සංචාරක කටයුතු ‌‌මේ වන විට සීමා කර ඇති අතර සංචාරකයන්ට විමසිලිමත් වන ලෙස ද දැනුම් දී තිබේ. එසේම නියමිත මාර්ගවලින් බැහැරට ගමන් කරන ලෙස ද දැනුම් දී තිබේ. මේ වන විට කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් 30-40ක් පමණ ජීවත් වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස